Teachers requests for discussions to solve problems

Teachers requests for discussions to solve problems

ගුරු ගැටලූ විසඳන්න අධ්‍යාපන ලේකම්ගෙන් කඩිනම් සාකච්ඡාවක්  ඉල්ලයි

දීර්ඝ කාලයක් ගුරු හා විදුහල්පති සේවාවන්ට පවතින පහත සදහන් ගැටලූ පිළිබදව කඩිනමින් සාකච්ඡා කර විසදුම් ලබා ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ අදාළ වගකිව යුතු නිලධාරින් සම`ග තම සංගමයට කඩිනම් සාකච්ඡා අවස්ථාවක් ලබා දෙන ලෙස ලංකා ගුරුසේවා සංගමය ඉල්ලා සිටී. ඒ අනුව,

01. වසර 23 ක් ගුරු හා විදුහල්පති සේවාවන්ට පවතින බරපතළ වැටුප් විෂමතාව ඉවත් කිරීම සදහා ගනු ලැබු අමාත්‍ය මණ්ඩල තීරණ ක‍්‍රියාත්මක නොවිම,
02.පන්ති කාමර ඉගෙනුම් – ඉගැන්විම් ක‍්‍රියාවලියට බාධා වන පරිදි ගුරුවරුන්ට කොළ පිරවිලි ඇතුළු අමතර වැඩ (ව්‍යාපෘති) පැවරීම.
03.පැරණි හා නව ගුරු හා විදුහල්පති සේවාවන්ට අන්තර්ග‍්‍රහණයේදී හා උසස්වීම් ලබා දීමේ දී පැනනැගී ඇති ගැටලූ.
04.ශ‍්‍රී ලංකා ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩඉම් වලට අදාළව මොඩියුල ක‍්‍රියාත්මක කිරීමේ දී පැන නැගි ඇති ගැටලූ.
05.ගුරු කාර්ය සාධනය හා වැටුප් වර්ධක ගෙවීම සම්බන්ධ ගැටලූ.
06.ජාතික පාසල්/පළාත් පාසල් සදහා බදවා ගනු ලබන ගුරුවරුන් ස්ථාන ගත කිරීමේදී හා ස්ථාන මාරු කිරීමේදී පැන නැගි ඇති ගැටලූ.
07.කළාප අධ්‍යාපන කාර්යාල සේවාවන් සම්බන්ධ ගැටලූ.
08.විශ‍්‍රාම යාමට නියමිත ගුරුවරුන් මුහුණපාන ගැටලූ.
09.මැතිවරණ සදහා ඉදිරිපත් වන ගුරුවරුන්ගේ නිවාඩු සම්බන්ධ ගැටලූ.
10. ගුරුවරුන්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කිරිම සම්බන්ධ ගැටලූ
11. සබරගමුව පළාතේ දෙමළ ජනතාවගේ දරුවන්ට තම මාධ්‍යයෙන් අ.පො.ස.උසස් පෙළ විද්‍යා,ගණිත විෂය ධාරාවන් හැදැරීම ස`දහා පාසල් නොතිබීම හා පහසුකම් සහිත පාසල් ඇති පළාත් විසින් ඔවුන්ට අවස්ථාවක් ලබා නොදීම.
12.පාසලෙහි මුල්‍ය හා පරිපාලන බලතල පාසල් සංවර්ධන සමිතියට පැවරීම හා පාසල් නඩත්තු කිරීම සදහා දෙමව්පියන්ගෙන් මුදල් අය කිරීම.
ආදී ගැටලූ 12 ක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන මෙන් ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා විසින් අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.

Unions Lanka

KlassHub.lk
Share

Leave a Reply