Students in a class to be limited to 45

Students in a class to be limited to 45

2021 වර්ෂයේ සිට ඉදිරියට පාසලක එක් පන්තියක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45 සීමාව දක්වා සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ නීතිමය කටයුතු සිදුකිරීම සඳහා නීතිපතිවරයා වෙත එම යෝජනාව ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ වූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

සිසුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය වඩාත් සුරක්ෂිත කරමින් හා ප්‍රශස්ත ඉගෙනුම් ක්‍රියාවලියකට සිසුන් සහ ගුරුවරුන්ට සහභාගි විය හැකි අයුරින් පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් විසින් අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

2015 වසරේ ඔක්තෝම්බර් 21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව 2021 සහ ඉන් ඉදිරියට පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35ක් ලෙස අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම මත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණා.

එහෙත්, එය ප්‍රායෝගික නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. එය කළමනාකරණය කර ගැනීම සමාජ ගැටලුවක් බවට ද පත්ව තිබෙනවා.

දෛනිකව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබෙන ඉල්ලීම් සංඛ්‍යාව 3000 කට අධික බව සඳහන්.

ඒ අනුව, 2023 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම උපරිම සීමාව වැඩි කිරීමේ තීන්දුව ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

Hiru News

KlassHub.lk
Share

Leave a Reply