Exams are not postponed – DoE

Exams are not postponed – DoE

විභාග කොමසාරිස්ගෙන් දැනුම් දීමක්

මේ මස පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් මහතා ප්‍රකාශයක් කර තිබෙනවා.

බාහිර සමාජයෙන් යලි කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමඟ එළඹෙන 12 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ එළඹෙන 11 වනදා පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කරනවා

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ එම විභාග දෙකම මේ මස දක්වා මීට පෙර කල් දැමුණා.

උද්ගත වූ අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් විභාග සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Live at 8

https://www.news.klasshub.lk/article/2nd-term-school-holidays-begin-tomorrow/
KlassHub.lk
Share

Leave a Reply