සිසුන් 200 වැඩි පාසල්වලට පනවා තිබූ සීමා ලිහිල් කෙරේ
සිසුන් 200 වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දුන් උපදෙස් මාලාව සංශෝධනය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, සිසුන් 200 ට වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමේදී විවිධ ශ්‍රේණි සඳහා දින වෙන්කර තිබු බවයි.
එහෙත්, කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සළකා බලා එම සීමා ලිහිල් කළ බව ලේකම්වරයා පැවසුවා.
ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ යටතේ පාසල් පවත්වාගෙන යා හැකි නම් සිසුන් සාමාන්‍ය පරිදි ගෙන්වා ගැනීමට බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.
Leave a Reply
You must belogged in to post a comment.